සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කළ බව කියන මුස්ලිම් පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




  


සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ අදාළ සිසුවිය අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මුස්ලිම් සිසුවිය මඩකළපුව ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකි.

මුස්ලිම් සිසුවිය වැඩිදුර විමර්ශන සඳහා සීගිරිය පොලිසියට බාර දි ඇති අතර ඒ හේතුවෙන් අදාළ සිසුවිය අධ්‍යාපන චාරිකාවේ පැමිණි සෙසු පිරිස ද ඊයේ සිගිරිය ප‍්‍රදේශයේ නවාතැන් ගෙන ඇත.

මුස්ලිම් සිසුවියට පොලිස් ඇප ලබාගැනීම සඳහා මුස්ලිම් ජාතික පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගෙන් සිගිරි පොලිසියට ඇමතුම් ගලා එන්නට වූ බව වාර්තාවෙයි .

කෙසේ වුවද පුරාවිද්‍යා පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඇප ලබාගැනීමට නොහැකිවී තිබේ . සිසුවිය ඊයේ දිනයේ නිදහස් කරගැනිමට නොහැකි වීම හේතුවෙන් ඇය සමග අධ්‍යාපන චාරිකාවට එක්ව සිටි සෙසු පිරිස ද ඊයේ රාත්‍රී සීගිරිය ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි බව සඳහන් කළේය.

කෙසේ වුව ද ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව අද පෙරවරුවේ පොලීසිය විසින් මුදාහැර තිබේ.

=================================
පේනවානෙ. මුස්ලීම් අය වෙනුවෙන් උන්ගේ දේශපාලඥයින් පක්ෂ විපක්ෂ බේධයකින් තොරව පෙනී සිටිනවා. ඒත් අපේ සිංහල දේශපාලඥයින් පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා. ඓතිහාසික උරුමයකට හානි කළාම ඒ වෙනුවෙන් කතා කරන්න ආණ්ඩු පක්ෂයේවත් විපක්ෂ වලවත් එකම සිංහල දේශපාලඥයෙක්වත් නෑ. සහජීවනය නැති වෙන නිසා... 

uputa ganima - shinhala buddhisht
Previous
Next Post »
Thanks for your comment